ප්‍රතිශක්ති ඌණතා සහිත දරුවන් පාසලට පැමිණීම ප්‍රමාද කිරීමට උපදෙස්

ජූනි 13, 2020

    පාසල් නැවත පටන් ගැනීමේදී ප්‍රතිශක්ති ඌණතා ඇති සහ ප්‍රතිශක්ති ඌණතා සඳහා ඖෂධ ලබා ගන්නා සිසුන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.

    එමෙන්ම කෙටි කාලීනව ඇති වූ උණ කැස්ස නාසයෙන් සොටු දියර ගැලීම හා උගුරේ ආසාදන ඇති දරුවන් පාසලට එවීමෙන් වැළකිය යුතු බවට මව්පියන් සහ පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම් ද දැනුවත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

    ඉකුත් දින 14 දී නව කොරෝනා ආසාදනයපිළිබඳ සැක සහිත හෝ තහවුරු කළ පුද්ගලයකු සමග සම්බන්ධතා පැවැත්වූ පවුලක දරුවෙකු නම් හෝ කොරෝනා ආසාදනයට ඇති අවදානම හේතුවෙන් නිරෝධායනයට ලක්කර ඇති පවුලක දරුවෙකු නම් පාසලට එවීමෙන් වළකින ලෙසත් උපදෙස් දෙන මෙන් ද විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.

    සෑමවිටම අවශ්‍ය දුර ප්‍රමාණය තබාගනිමින් ක්‍රිියා කිරීමට ද හැකිතාක් පුද්ගලික ගමනාගමන ක්‍රම අනුගමනය කරන්නේ නම් පුද්ගල දුරස්ථභාවය පිළිබඳ සැළකිළිමත්වීම පා ගමනින් පැමිණිය හැකි දුරක් නම් ඒ සඳහා යොමුවීමේ වටිනාකම් පිළිබඳව මෙන්ම පාපැදි භාවිතයේ වටිනාකම පිළිබඳව මව්පියන් දැනුවත් කරන මෙන් අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට නිකුත් කරන ලද චක්‍රලේඛයේ සහ උපදෙස් සංග්‍රහයේ සඳහන් කර තිබේ.

    Latest News