ඩෙංගු නිසා 480 කට දඩ

ජූනි 20, 2020

    මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 480 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් ආශ්‍රිතව ක්‍රියාත්මත මදුරු මර්දන වැඩසටහන තුළදී අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගත් බවයි.

    වසරේ ගත වූ කාල සීමාව තුළ දී ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගල මරණ 23ක් වාර්තා වී ඇති බව ද ඒ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය.

    වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ, මේ වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 21,012 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

    Latest News