මහ මැතිවරණයට රාජ්‍ය සේවකයින් ලක්ෂ දෙකක්

ජූනි 20, 2020

    මෙවර මහ මැතිවරණය රාජ්‍ය සේවකයින් වැඩිම පිරිසක් යොදා සිදු කරනු ලබන මහ මැතිවරණය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

    ඒ අනුව, ආරක්ෂාවට යොදනු ලබන පොලිස් නිලධාරීන් ද සමඟ 2,10,000ක පමණ රාජ්‍ය සේවකයින් පිරිසක් ඒ සඳහා යොදවනු ඇත.

    එම සංඛ්‍යාව පසුගිය මහ මැතිවරණයට යොදා ගත් රාජ්‍ය සේවකයින්ට වඩා 25,000ක පමණ වැඩිවීමකි.

    මෙවර විශේෂත්වය වන්නේ 10,000ක් පමණ වූ සෞඛ්‍ය අංශයේ සේවකයින් ද මැතිවරණ රාජකාරි දායකත්වය සඳහා යොදා ගැනීමයි.

    Latest News