ඒ ඔහු සිදු කළායැයි කියන ප්රකාශයක් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයකට අදාළ ප්රකාශයක් ලබාදීම සඳහායි.
ප්රකාශයක් සටහන්කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජුනි 23වැනි දින පැමිණෙන ලෙස, ඔහුට දන්වා තිබිණ. එදින ඔහු නීතීඥවරුන් මගින් දැනුම් දී තිබුණේ, තමන් අසනීප තත්වයෙන් පසුවන බවයි. විනයාගමූර්ති මුරලිදරන් මහතා, නීතීඥයෙකු සමග අද උදේ 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. දැන් ඔහුගෙන් ප්රකාශයක් සටහන් කර ගනිමින් සිටින බවයි, වාර්තා වන්නේ.