විදුලිබල ව්‍යාපෘති සඳහා ඇමෙරිකාවේ සහය

ජූනි 26, 2020

    මෙරට විදුලිබල ව්‍යාපෘති සඳහා තාක්ෂණික සහයෝගය ලබා දීමට සූදානම් බව අමෙරිකාව පවසනවා.

    ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය හා අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර හමුවක් පැවැත්විණ.

    ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වලට අමෙරිකා එක්සත් ජනපදය සෑමවිටම සහාය ලබා දෙන බවයි, අමෙරිකා තානාපතිනිය මෙහිදී කියා සිටියේ.

    මෙරට ප්‍රථම එල්එන්ජී බලාගාරය සඳහා මෙන්ම සෙසු විදුලිබල ව්‍යාපෘතිවලට ද තාක්ෂණික සහාය ලබා දීමට ද අමෙරිකාව සූදානම් බව ඇය මෙහිදී තවදුරටත් කියා සිටියා.

    2023 වසර වනවිට ශ්‍රී ලංකාවේ සමස්ථ විදුලිබල අවශ්‍යතාව ඉක්මවමින් විදුලිබලය නිපදවීමට අවශ්‍ය වැඩපිලිවෙළ ආරම්භ කර ඇති බවයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමෙරිකා තානාපතිවරිය හමුවේ සඳහන් කළේ.

    Latest News