මීට අමතරව මූල්‍ය විනය පවත්වාගෙන යාම කෙරෙහි ද මෙම වසර තුළ දී අවධානය යොමු කළ යුතු බව හෙතෙම සඳහන් කරයි.නව වසරේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීම සහ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම වෙනුවෙන් අද (01) පෙරවරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උත්සවයක් පැවැත්විණ. පසුගිය වසර කිහිපය තුළ ක්‍රමයෙන් රාජ්‍ය ආදායම වර්ධන කර ගැනීමට හැකි වීම ජයග්‍රහණයක් වුව ද ඊට සමානව රාජ්‍ය වියදම ද ඉහළ ගිය බව කී මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා නව වසර තුළ වියදම් කළමනාකරණය කෙරෙහි සියලු අමාත්‍යාංශ නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු කළ යුතු යැයි ද සඳහන් කළේ ය.
සෙසු අමාත්‍යාංශවලට ද එහි වගකීම තිබුණ ද ප්රමුඛ අමාත්‍යාංශයක සේවක සේවිකාවන් ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඒ සම්බන්ධයෙන් වැඩි වගකීමක් තිබේ. ගෙවී ගිය වසරේ සේම එළඹි නව වසරේ දි අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් කැපවීමෙන් සිය රාජකාරී කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම පැවැසීය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. සේමසිංහ, අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල අධ්යක්ෂ ජනරාල්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සියලුම නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී සිටියහ.