එම රෝගීන් 07 දෙනාගෙන් සිව් දෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්. ඩුබායි හි සිට පැමිණි පුද්ගලයෙක් හා එක්සත් රාජධානීයේ සිට පැමිණි පුද්ගලයෙක් ද ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් රෝගීන් බවට හඳුනා ගැනිණ.
ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 295ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 1748ක් වෙයි.