රෝගයකින් පීඩා විඳින ඡන්ද හිමියන්ට සහයකයෙක්

ජූලි 04, 2020

    පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත, ආබාධිත හෝ වෙනත් නිදන්ගත රෝගයකින් තදබල ලෙස පීඩා විඳින ඡන්ද හිමියෙකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සළකුණු කිරීම සඳහා සහයකයෙකු කැටුව යාමට හැකියාව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    කැටුව යන සාමාජිකයා වයස අවුරුදු 18 සම්පූර්ණ අයෙකු විය යුතුවේ. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරන අපේක්‍ෂකයෙකු නොවිය යුතුය. පාර්ලිමේන්තු මැතිවරණයේ දී දේශපාලන පක්‍ෂයක බලයලත් නියෝජිතයෙකු, ස්වාධීන කණ්ඩායමක, කණ්ඩායම් නායකයෙකු, ඡන්ද ප්‍ර දේශයේ නියෝජිතයෙකු හෝ ඡන්ද පොළ නියෝජිතයෙකු වශයෙන් ක්‍රියා නොකරන්නෙකු විය යුතු බව කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    ඊට අමතරව කිසියම් ශාරීරික ආබාධයකට ලක්වූවෙකු නොවිය යුතුය. රජයේ වෛද්‍ය නිලධාරිවරයෙකු ඡන්ද හිමියා පරීක්‍ෂා කර බැලීමෙන් අනතුරුව ඉල්ලුම් ආකෘතියේ ඡන්ද හිමියාගේ යෝග්‍යතාව පරීක්‍ෂා කොට සහතික කිරීමෙන් අනතුරුව අදාළ ආයතනවලට එය ඉදිරිපත් කිරීමෙන් මෙම සහනය ලබාගත හැකිවේ.

    Latest News