ඉතිහාසයේ පළමු වතාවට විපක්‍ෂයට ආණ්ඩුවත් එක්ක සටනක් නැහැ - අගමැති (වීඩියෝ)

ජූලි 11, 2020
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමට දැවැන්ත ශක්තියක් වූවන් සමඟ අත්වැල් බැඳගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අද (11) පස්වරුවේ දෙණියාය නගරයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.

    පහුගිය කාලයේ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරන අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා මහ රෑ වෙනකල් කාර්යාලයේ වැඩ කළා. ඒ වෙලාවේ නිපුන එතන ඉඳගෙන බැසිල් රාජපක්‍ෂ මහතාට උදව් කළා. අපි කාටවත් ඒකට වෙලාවක් තිබුණෙ නැහැ. නිපුන තමයි උදේ දවල් රෑ නැතිව බැසිල් රාජපක්ෂ මහතාට පක්ෂය හදන්න ශක්තියක් වුණේ. ඒ නිසා තරුණ දේශපාලන නායකත්වයක් අවශ්‍ය මේ යුගයේ අවශ්‍යතාවය පිරිමහන්න නිපුනට අවස්ථාව ලැබෙන්නේ. දේශපාලන ඉතිහාසයේ පළවෙනි වතාවට විපක්ෂයක් ආණ්ඩුව එක්ක සටනක් නැහැ. ඒ අයට තියෙන්නේ සිරිකොත ඇල්ලීමේ සටන පමණයි. මොකටද සිරිකොත අල්ලන්න දඟලන අයට ඡන්දෙ දෙන්න යන්නේ. ඡන්දෙ දෙන්න ඕනේ රට හදන්න.

    ඒ වගේම දෙණියාය කියන්නේ අධ්‍යාපනයට පාඩම් කරන්න හොඳ පළාතක් හොඳ දේශගුණයක් තිබෙන ප්‍රදේශයක්.‍ දැනටමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දෙණියායට පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් ගේන්න කටයුතු කරනවා කියලා කියන්නේ සතුටින්. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සකස් කරමින් තිබෙනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නිපුන රණවක මහතා....


    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කරපු දේශපාලන වැඩපිළිවෙළ සහ ජනතාව සමග එතුමා හැසිරුණු ආකාරය නිසා ජනතාව සෑමවිටම මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්නවා. එතුමා කෙරෙහි දෙණියාය ජනතාව ඉමහත් ආදරයකින් කටයුතු කරනවා. මේ මැතිවරණයෙන් පසුව ඔබතුමා දෙණියාය සංවර්ධනය කිරීමට මූලිකත්වය ගනී කියලා ඒ අය බලාපොරොත්තු වෙනවා. එක් දහස් නවසිය අසූ ගණන්වල සිට තිබෙන මාර්ග පද්ධතිය තවමත් හම්බන්තොට සමග යා වෙලා නෑහැ. ඒ මාර්ග සම්බන්ධ කරන්න තිබෙනවා. වසර හතර හමාරක් තිස්සේ රෝහලක් හදන්න මුල්ගල් තියන්න බලන් ඉන්නවා.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා දියුණු කරන විට ඇති වන රැකියා අවස්ථා සඳහා උචිත වෘත්තීය පුහුණුව ලබාගත හැකි ස්ථාන මාතර දිස්ත්‍රික්කය තුළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව එක්ක තමයි විශාල පිරිසක් අද මේ ස්ථානයට ඇවිත් සිටින්නේ. ඊළඟ අවුරුදු හය තුළ මාතර දිස්ත්‍රීක්කයේ ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙයි කියලා ඔබතුමා කෙරෙහි ජනතාව බලාපොරොත්තුවක් තබා තිබෙනවා. ආසියාවේ දේශපාලනය කරනවා නම් තරුණයෙකුට දේශපාලනය ඉගෙන ගන්න තියෙන හොඳම දැනුම ගන්න පුළුවන් ඔබතුමාගේන් විතරයි.

    මගේ මෑණියන් මේ ජනතාවට අසීමිතව ආදරය කළා. ඔබතුමා මැතිවරණයෙන් පස්සේ දෙණියායට මාතරට අලුත් දෙයක් කරයි කියන එක විශ්වාසයි. මේ මැතිවරණයේදී මාතරින් ආසන හයක් ලබාදීලා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් ලබාගන්න සහාය ලබාදෙන්න. අද පක්ෂ පාට භේදයකින් තොරව පැමිණ සිටින්නේ ඔබතුමා කෙරෙහි පවතින විශ්වාසය නිසයි. අසීමිත ආදරය නිසයි. වසර ගණනාවක් තිස්සේ අපේ පවුලත් එක්ක අම්මත් එක්ක තාත්තත් එක්ක සම්බන්ධතා තිබුණ බලාපොරොත්තු සහිත පිරිසක් මෙතන සිටිනවා. දෙණියායට අලුත් ජවයක් සමග මාතර දිස්ත්‍රික්කයේ සියලු දෙනා වෙනුවෙන් ඔබ පැමිණීම පිළිබඳව ජනතාවට ස්තූති කරනවා.

    Last modified on ඉරිදා, 12 ජූලි 2020 12:21

    Latest News