නියෝමාල් රංගීව සමාව ගනී (වීඩියෝ)

ජූලි 11, 2020
  • අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා අද සමාව ඉල්ලා සිටියේය.

    ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී.

    නඩු විභාගයකට පෙනී සිටීම සඳහා ඊයේ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණි රංගජීව මහතා එම අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා වන අයුරින් ක්‍රියා කරන ආකාරය වාර්තා විය. එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය වේදියා කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළ වෙත පැමිණිල්ලක් කර තිබේ. මේ පිළිබඳ අපක්‍ෂපාතී කඩිනම් පරීක්‍ෂණයක් පවත්වන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව මහතා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් අද ඉල්ලා සිටියේය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කළේය.

    නියෝමාල් රංගජීව මහතා මාධ්‍යයට අදහස් දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් අද සමාව ඉල්ලා සිටියේය.

    Latest News