පොලිස් නිලධාරීන් යටකර පලාගිය ටිපර් රථයේ රියදුරු 23 දක්වා රිමාන්ඩ්

ජූලි 15, 2020

    මාතර, හක්මන ප්‍රදේශයේ දී මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් අනතුරට ලක් කර පලායාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    සැකකරු අද (15) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    පසුගිය 13 වැනිදා සිදුවු මෙම අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙක් මියගොස් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබීය.

    අනතුර සිදු කර පළාගිය ටිපර් රථය රන්න ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී සොයා ගැනිණ. පොලිසිය විසින් හුංගම ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගැනිණ.

    සැකකරු 34 හැවිරිදි අම්බලන්තොට, උහපිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Last modified on බදාදා, 15 ජූලි 2020 14:31

    Latest News