වන අලි ප්‍රහාරයකින් යුවලක් ජීවිතක්ෂයට

ජූලි 17, 2020

    බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ දඹේයාය ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අද (17) උදෑසන රබර් කිරි කපමින් සිටි දෙදෙනකු වන අලි ප්‍රහාරය ලක්ව ඇති බව වාර්තා වේ.

    එලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 57 හැවිරිදි කාන්තාවක් සහ 70 හැවිරිදි ඇගේ ස්වාමි පුරුෂයාය.

    වන අලි ප්‍රහාරයෙන් අදාළ කාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් ව ඇත.

    මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

    Latest News