ඒ, රාජ්‍ය බැංකුවල වත්මන් තත්වය සම්බන්ධයෙන් ප්‍රගති බැංකු සේවක සංගමයේ නිලධාරීන් සමඟ අද පැවති සාකච්ජාවකදී.
ඓතිහාසික වටිනාකමකින් යුත් කුරුණෑගල, බුවනෙක හෝටලය සහිත ගොඩනැගිල්ල ඩොසර් කර විනාශ කිරීම සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විද්වත් කමිටුවක් පත්කර තිබේ. ගොඩනැගිල්ලට හානි කිරීම පිළිබඳව කඩිනමින් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.
පුරාවිද්යාභූමියට හානි සිදුකිරීම පිළිබඳව සොයා බැලීමට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබීය. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතායි.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර් රත්නායක, පුරාවිද්‍යාඥ පී.ජී.කුලතුංග, සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ සුමේධා මාතොට යන මහත්ම, මහත්මීන් සෙසු සාමාජිකයින්.
හානි වූ ගොඩනැගිල්ල පුරාවිද්‍යා ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස සැලකෙන ස්මාරකයක් බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
නිසි පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව, සතියක් ඇතුළත මධ්‍යම පළාතේ නිෂ්පාදනය අත්හිටුවා ඇති තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කාර්යයන් යළි ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය. ඒ, තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලබාදිය හැකි විසඳුම සාකච්ජා කිරීමට අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ජාවකදී.
මධ්‍යම පළාතේ නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති තේ කර්මාන්ත ශාලා සංඛ්‍යාව 13ක්. මධ්‍යම පළාතේ තේ කර්මාන්තකරුවන් සඳහන් කළේ, නිසි පරීක්ෂණයකින් තොරව තම කර්මාන්ත ශාලාවල නිෂ්පාදන අත්හිටුවීමට තේ මණ්ඩලය පියවර ගත් බවයි. මේ හේතුවෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි අපහසුතාවට ලක්ව සිටී. එසේම නීති විරෝධි ආකාරයේ තේ නිෂ්පාදනයක් කර්මාන්ත ශාලාවල සිදුවන්නේ නම්, ඒ සඳහා දැඩි නීතිමය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් උපදෙස් දුන්නේය.
නව නාවික හමුදාපතිවරයා ලෙස පත්වූ වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. ඒ, අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී.