සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක හා ගගන යන පුද්ගලයින්ගේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ බවට සැක කෙරේ. පසුගිය වසරේ මහරගම පොලිස් වසමේ දී පිස්තෝලයකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු ඔහු බව විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.