මේ වනවිට ආන්දෝලනයකට ලක්ව තිබෙන හානියට පත් කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය නමින් හඳුන්වන ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට ඊයේ (18) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා මේ කරුණු සඳහන් කළේය.
ඉපැරැණි යැයි කියන ස්ථානයකට සිදු වන හානියක් තුළින් එම ස්ථානය නිරුපද්‍රිතව තිබෙනවාට වඩා තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසා තිබේ.
මෙම ගොඩනැගිල්ලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය සෙනරත් දිසානායක එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන්ද සමග පැමිණ එහි හානිය නිරීක්ෂණය කළේය.