එම ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පංති පැවැත්විය යුතුය. සෙසු ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන්නේ, අගෝස්තු 10 වැනිදායි. සිසුන් ඇතුළු සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව, අමාත්‍යාංශය අවධාරණය කරයි. මැතිවරණ කටයුතුවල යොදා ගැනෙන පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ජුලි 28,29,30,31 දිනවල පාසලේ රැදී සිටිය යුතුය. මෙම කාලසීමාව තුළ සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවන් නොවන පරිදි සහකාර කොමසාරිස්වරුන් සමඟ සාකච්ජා කර මැතිවරණ ක්‍රියාවලිය සඳහා පාසල් තුළ පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දෙයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම අගෝස්තු 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. මෙවර අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ, මාර්ගගත ක්‍රමයටයි. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිස එහි උපදෙස් අනුව අයදුම්පත් සම්පූර්ණකර යොමු කළ යුතු වේ.
අනතුරුව මුද්‍රිත පිටපතෙහි අදාළ ඉතිරි කොටස් සම්පූර්ණ කර තැපැල් මගින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට සැලැස්විය යුතුය. පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර පිරිවෙන් හෝ පාසලේ අදාළ පරිවේනාධිපති ස්වාමීන් වහන්සේ හෝ විදුහල්පති මගින් යොමු කළ යුතුවේ. පෞද්ගලික අයදුම්කරුවන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්පූර්ණ කළ අයදුම්පත යොමු කළ යුතුය.