පැය 24 තුළ මත්ද්‍රව්‍ය ළගතබාගත් සැකකරුවන් 364ක් අල්ලයි

ජූලි 26, 2020

    අද උදෑසන 5.00න් අවසන් වූ ගතවූ පැය 24 තුල බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ළග තබාගත් පුද්ගලයින් ඇතුළු සැකකරුවන් 364 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ පිරිස් අතර හෙරොයින් ළග තබාගත් පුද්ගලයින් 134 දෙනෙක් හා ගංජා ළග තබාගත් පුද්ගලයින් 73 දෙනෙක් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ළග තබාගත් පුද්ගලයින් හතර දෙනෙක් ද සිටින බවයි, පොලීසිය සදහන් කළේ.

    ඔවුන් සතුව තිබී සොයාගන්නා ලද හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 206කට අධියි. කිලෝ හතරකට අධික ගංජා මෙන්ම ග්‍රෑම් 11කට අධික අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    Last modified on ඉරිදා, 26 ජූලි 2020 12:27

    Latest News