ශ්‍රී ලංකාවේ ප්‍රථම ඖෂධ නිෂ්පාදන ගම්මානය හම්බන්තොට (වීඩියෝ)

අගෝ 15, 2020
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම ඖෂධ නිෂ්පාදන ගම්මානය හම්බන්තොට ඉදිකරන බව, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

    ඊට අදාළ මූලික සාකච්ජා මේ වනවිටත් ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, හම්බන්තොට සිංගප්පූරු ශාලාවේ ඊයේ පැවති ජනහමුවකදී. අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා ද එම අවස්ථාවට එක්විය.

    මේ අතර, චමල් රාජපක්‍ෂ සහ නාමල් රාජපක්‍ෂ යන අමාත්‍යවරුන් දින කිහිපයක සිට පැවති උද්ඝෝෂණයක අවශ්‍ය විසඳුම් ලබාදී අවසන් කිරීමට ද කටයුතු කළේය. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට කළු ගල් කැඩීම සඳහා භාවිත කෙරුණු, ප්‍රදේශයේ ගල්වළක් තුළ සිදු කළ පිපිරීමක් හේතුවෙන් හානි සිදු වූ නිවාස සඳහා නිසි වන්දි මුදලක් ලබා දෙන්නැයි ඉල්ලා එම ජනතාව උද්ඝෝෂණයක් ආරම්භ කළේය. ඒ පසුගිය 12 වැනි දින. ඒ, අදාළ ඉදිකිරීම් සිදු කළ චීන සමාගම ඉදිරිපිටදී.

    එම ස්ථානයට ගිය අමාත්‍යවරුන් දෙපළ නිසි තක්සේරුවක් කර සිදුවූ හානි සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බවට දැනුම් දීමෙන් පසු උද්ඝෝෂණය අවසන් කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 15 අගෝස්තු 2020 20:12

    Latest News