ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ඉල්ලුම්පත් බාරගැනීම සැප්. 30 දක්වා (වීඩියෝ)

අගෝ 22, 2020
  • 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ඉල්ලුම්පත් බාරගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය. ඒ අනුව කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට “සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය ක්‍රමය“ යටතේ, ණය අයදුම්පත් ලබන සැප්. 30ට පෙර අදාළ බලපත්‍රලාභී බැංකුවට ඉදිරිපත් කළ හැකිය.

    ශ්‍රී ලංකා මහ බැංකුව රජය හා එක්ව කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ඇතුළුව සියලු ව්‍යාපාර සඳහා වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ, මාස 06 සහන කාලයක් ද ලබාදී තිබේ.

    මාස 24ක් දක්වා ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා මෙම ණය පහසුකම අදියර 03ක් යටතේ හඳුන්වා දෙනු ලැබීය.

    Last modified on සෙනසුරාදා, 22 අගෝස්තු 2020 20:08

    Latest News