අම්බලන්ගොඩ, වෙඩි තැබීමකින් අයෙක් මරුට

අගෝ 22, 2020

    අම්බලන්ගොඩ, ගාලු පාර පැරට් හන්දියේ දී අද උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    ඔහු කුලීගොඩ, මහරුප්ප ප්‍රදේශයේ පදිංචි අයෙක් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. සිය යතුරු පැදියෙන් අම්බලන්ගොඩ සිට නිවස බලා යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණ ඇති දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කොට පළා ගොස් තිබේ. බරපතල තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය මූලික රෝහල වෙත රැගෙන යනවිටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි. ඔහු 49 හැවිරිදි අජිත් සොයිසා නමැති අයෙකු බව පොලිසිය කියා සිටී.

    Latest News