මුතුවැල්ල ගංවතුර පාලන උමං මාර්ගයේ ඉදිකිරීම් අවසන්

අගෝ 22, 2020

    කොළඹ අගනගර ආශ්‍රිත ප්‍රදේශයන්හි ඇතිවන ජලගැලීම් අවම කිරීම සඳහා උතුරු කොළඹ නව මුතුවැල්ල ගංවතුර පාලන උමං මාර්ගයේ ඉදිකිරීම් අවසන් වේ.

    සමස්ත ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් මිලියන 3450ක්. අගනගරය ආශ්‍රිතව සිදු කෙරෙන සියළු නාගරික සංවර්ධන ව්‍යාපෘති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මකයි.

    උතුරු කොළඹ ප්‍රදේශයේ හටගන්නා ගංවතුර තත්වය පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මෝදර අලුත් මාවත ප්‍රධාන ඇල මාර්ගයට සම්බන්ධ කර ඇරඹෙන උමං මාර්ගය නව මුතුවැල්ල ප්‍රදේශය හරහා භූ ගතව ගමන් කර මුතුවැල්ල ධීවර වරාය අසලින් මුහුදට විවෘත කෙරේ.

    Last modified on සෙනසුරාදා, 22 අගෝස්තු 2020 18:35

    Latest News