මියගිය 12 වැනියාගේ අවසන් කටයුතු සිදුකෙරේ

අගෝ 23, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

    ඒ කොටිකාවත්ත පොදු සුසාන භුමියේදී.

    අයි.ඩි.එච්. රෝහලේ දී ඊයේ (22) රාත්‍රියේ සිදුවූ මෙම කාන්තාවගේ මරණය මෙරටින් වාර්තා වූ 12 වන කොවිඩ් මරණය වේ.

    47 හැවිරිදි ඇය කුරුණෑගල මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

    පසුගිය 20 වැනි දා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

    ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට එදිනම තහවුරු වීම හේතුවෙන් ඊයේ දිනයේ ඇය අයි.ඩි.එච්.රෝහල වෙත යොමුකර තිබු බව වාර්තා වේ.

    මීට මාස 06කට පෙර පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඉන්දියාවට ගොස් ඇති මෙම කාන්තාව දියවැඩියා රෝගය සඳහා ද ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

    මේ අතර මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා ද මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටියි.

    Latest News