සියලු ශ්‍රේණි සඳහා දහම් පාසල් අද(23) විවෘත විය

අගෝ 23, 2020

    බෞද්ධ දහම් පාසල්වල 01 වන ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය සඳහා අධ්‍යයන කටයුතු අද (23) සිට ආරම්භ විය.

    බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ 06 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය සදහා බෞද්ධ දහම්පාසල්වල අධ්‍යයන කටයුතු ඉකුත් 16 වැනි දින සිට ආරම්භ කෙරුණූ බවයි.

    කොරෝනා වසංගතය හේතුවෙන් බෞද්ධ දහම් පාසල්වල අධ්‍යයන කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරිණ.

    කෙසේවෙතත් අදියර කිහිපයක් යටතේ පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බැවින් බෞද්ධ දහම් පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් අවසර ලබාදී තිබේ. 

    මේ අතර පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.

    ඒ අනුව සැප්තැම්බර් මස 01 වැනිදායින් පසු පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමටයි, එම අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත්තේ.

     

    Latest News