ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අගෝ 26, 2020

    මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව තැනින් තැන, වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විශේෂයෙන්ම උදෑසන කාලයේ දී සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

    උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක් දක්වා තරමක තද සුළං ඇති වේ.

    Latest News