මා දැල් හිමියන්ගේ ගැටළු විසදීමට කමිටුවක් පත්කරයි

සැප් 10, 2020

    සී/ස සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සංස්ථා නියෝජිත පිරිසක් සමග ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ධීවර අමාත්‍යංශයේදි සාකච්ඡාවක් පැවැත්විණි.

    මෙම සාකච්ඡාවේදි ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රධාන ඉල්ලීම් 06ක් සම්බන්ධව අමාත්‍යවරයා අවශ්‍ය විසදුම් ලබාදීම සදහා අමාත්‍යංශ නිළධාරීන්ගෙන් හා මෙම මාදැල් හිමියන්ගේ ධීවර සමුපකාර සමිතිවල නියෝජිතයින් ඇතුළත් කමිටුවක් පත්කිරීමට තීරණය කළේය.

    එම කමිටුව විසින් මාදැල් හිමියන්ගේ සමුපකාර සංගමයේ මෙම වර්ෂයේ සම්මේලනය ඉදිරිමාස දෙක තුළ පැවැත්වෙන මාදැල් හිමියන්ගේ ධීවර සමුපකාර සමිතියේ වාර්ෂික සම්මේලනයට ප්‍රථමව විසදුමක් යෝජනා කිරීමටත්, එම විසදුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කිරීමටත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    මෙම ඉල්ලිම් අතර ප්‍රධානතම ඉල්ලීමක් වන්නේ 1984 ගැසට් කරණ ලද මාදැල් ධීවර නියෝග වත්මන් යුගයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමට කඩිනමින් අවශ්‍ය කටයුතු යොදා නව මාදැල් ධීවර නියෝග ප්‍රකාශයට පත්කිරීම වේ.

    මීට ඉහත සිටි ධීවර අමාත්‍යවරු සිව් දෙනකු මෙ සම්බන්ධව කමිටු පත් කළ නමුත් තවමත් ඒ සදහා විසදුමක් ලැබි නොමැති බව මාදැල් හිමියන්ගේ සංගමයෙහි නියෝජිත පිරිස අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

    දෙවැනි කරුණ වන්නේ දැනට දකුණු ඉංදියාව හා යුරෝපය, පෘතුගාලය වැනි රටවල වින්ච් යන්ත්‍ර යොදා ගනිමින් මාදැල් ධීවර කර්මාන්තයේ යෙදෙන අතර ශ්‍රි ලංකාවේද පසුගිය කාලයේ සිටි ධිවර අමාත්‍ය වරුන් අදාළ නිළධාරින් ස්ථානීය පරික්ෂණ කොට 131 දෙනකුට තාවකාලික බලපත්‍ර දී ඇති අතර මෙම බලපත්ත්‍ර ස්ථිර බලපත්ත්‍ර බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

    තෙවැනි කරුණ වන්නේ දශක තුනකට වැඩිකළක් පවතිනපැරණි මාදැල් ධීවර නියෝග ඇතුළත් ගැසට් පත්‍රය අවලංගුකර දැනට ධීවර දෙපාර්තමෙන්තුව මගින් සකස් කර ඇති නව මාදැල්ධිවර නියෝග ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීම පිළිබදව නීතිමය කටයුතුයොදන ලෙසයි.

    හතර වැනි කරුන මාදැල් කර්මාන්තය සඳහා යොදා ගන්නා යාත්‍රා නවීකරණය විම අනුව ශ්‍රී ලංකාව වටා පිහිටි ලියාපදිංචි මා දැල් වරායවල්වල අඩි 22 ෆයිබර් ගුලාස් යාත්‍රාවට අශ්වබල 15 වේ ධාරිතාවයකින් යුත් එන්ජිම යොදා ගනිමින් මාදැල් රැකියාවේ යෙදීමට දැනට ලබා දීඇති තාවකාලීක අවසර පත්‍ර ස්ථිර අවසර පත්‍ර බවට පත්කිරීමට සුදුසු කටයුතු කිරීම.

    05 මාදැල් ධීවරයන්ට සුදුසු අවස්ථාවලදි විවේක ගැනීම සඳහා එම මාදැල් වරායන්වල විවේකාගාරයන් ගොඩනැගීම සඳහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට කටයුතුකිරීම.

    උතුරු නැගෙනහිර ප්‍රදේශවලට 1983 ට පෙර බස්නාහිර වයඹ හා දකුණ පළාත්වල සංක්‍රමණික මාදැල් ධිවරයින් එම ප්‍රදේශවලට අදාල ප්‍රාදේශිය ලේකම් වරුන් මගින් වරාය බලපත්‍ර නොහොත් කොටු බලපත්‍ර ලබාගත් නමුත් 2010 වසරේ සිට එම ප්‍රාදේශිය ලේකම් වරුන් විසින් එම අයවලුන්ට මාදැල් වරාය බල පත්‍ර යෙදීම පිළිබදව උතුරු නැගෙන හිර පළාත්වල දිස්ත්‍රික්ක ලේකම් වරුන් සමග සාකච්චා කොට ඊට අවශ්‍ය බලපත්ත්‍ර ලබා දී මෙම සියලු කරුණු පිළිබදව අමාත්‍යවරයාගේ අවධානයට ලක්වු අතර මේවාට අවශ්‍ය සියලු විසදුමි එම කමිටු වාර්තාව ලැබු විගසම අවශ්‍ය පියවර ගන්නාබව අමාත්‍යවරයා විසින් මාදැල් හිමියන්ගේ සංගමයට පොරොන්දු විය.

    මෙම සාකච්ඡාව සදහා මාදැල් හිමියන්ගේ සමුපකාර සමිතියේ සභාපති ලෙස්ටර් නොනීස් පියතුමා, ලේකම් ස්ටැන්ලි පීරිස්මහතා, භාණ්ඩාගාරික සෙබියස් ප්‍රනාන්දු මහතා හා ධීවර දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ හා නියොජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් කහවත්ත මහතා, අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් කේ.දයානන්දා මහතා ඇතුලු පිරිස සහභාගි විය.

    Latest News