කොන්ක්‍රීට් කණුව පෙරලී සිසුවා මිය යයි

ජන 10, 2019

    ගල්කිරියාගම පොලිස් වසමට අයත් බුදුගේහින්න මහවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්ගේ ඇඟ මතට කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීමෙන් මියගොස් තිබේ.

    සිසුවාගේ වයස අවුරුදු 16ක්. ඔහු පාසලේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවල නිරතව සිටිය දී එහි ඉදිකෙරෙමින් පවතින ක්‍රීඩා මණ්ඩපයේ අඩක් නිම කර තිබූ කොන්ක්‍රීට් කොටසක් සිරුර මතට කඩා වැටී ඇත.

    සිද්ධියත් සමඟ දෙමාපියන් නොසන්සුන් ආකාරයට හැසිරී ඇති අතර, මේ පිළිබඳ සොයා බැලීමට විදුහල්පතිවරයා හෝ වෙනත් කිසිඳු බලධාරියෙක් නොපැමිණි බවට ඔවුහු චෝදනා කරති. සිද්ධිය පිළිබඳ දැනගත් උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව දෙමාපියන්ට පොරොන්දු වී තිබේ.

    pasal daruwa 02pasal daruwa 04pasal daruwa 06

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 20:20

    Latest News