නීතීඥ සංගමයේ නිල වරණයට නාම යෝජනා අද

ජන 10, 2019

    ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිල වරණය සඳහා නාම යෝජනා භාරගැනීම අද පෙරවරුවේ සිදු කෙරේ.

    නාම යෝජනා බාරගැනීම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වේ. මේ අනූව, ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ 25 වැනි සභාපතිවරයා තෝරා ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වර්තමාන සභාපතිවරයා ලෙස තේරී පත්ව සිටින්නේ ජනාධිපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතායි. ඔහු දේශපාලන පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට ද පසුගිය දා නීතීඥවරුන්ගෙන් චෝදනාවක් පැවතිණ. 

    ශ්‍රී ලංකා නීතීඥ සභාපති අපේකෂකයින් ලෙස ජනාධිපති නීතීඥවරු වන කාලිංග ඉන්ද්‍රතිස්ස හා මහින්ද ලොකුගේ යන අය නාමයෝජනා භාරදෙනු ඇති බවට ආරංචි මාර්ග පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 13:10

    Latest News