රෙජිනෝල්ඩ්ට හා නිලූකාට සභාපති පුටු

ජන 10, 2019

    හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුට සංස්ථා සභාපති ධුර පිරිනමා තිබේ.

    ඒ අනුව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙස පත් කෙරිණ. සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක පත්කර ඇත්තේ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙසටයි. අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔවුන්ට පිරිනමා තිබෙනවා.  

     

    Latest News