නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමේ ගැටලුවක්

සැප් 12, 2020

    පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබාදීමේ ගැටලු මතුව තිබේ.

    ඒ, මැතිවරණයේ පරාජයට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් මෙතෙක් තමන් රැඳී සිටි නිල නිවාස භාර නොදීම හේතුවෙනි.

    පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරුන් 81 දෙනෙකු තේරී පත් වූ බවයි.

    ඔවුන්ට මෙතෙක් නිල නිවාස ලබාදීමට හැකිවී නොමැත.

    මේ හේතුවෙන් දුර බැහැර සිට පාර්ලිමේන්තු සභාවාර වලට සහභාගිවීමට පැමිණෙන බොහෝ නවක මන්ත්‍රීවරුන්ට පෞද්ගලික නවාතැන්පොළවල නවානැන් ගැනීමට සිදුව තිබේ.

     

    Latest News