කැළණිය රජමහා විහාරයේ වෙබ් අඩවිය වන www.kalaniyatemple.lk අන්තර් ජාලයට මුදාහැරීමේ කල්යාණෝදාය උත්සව අවස්ථාවට අද (12) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බෞද්ධ දර්ශනය පිළිබඳවත්, ස්වාමීන් වහන්සේලාට යොමුවන විවිධ ප්‍රශ්න පිළිබඳවත්, පිලිතුරු සැපයීමට රජය විසින් කළ යුතු කාර්ය භාරය, කැළණිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු දායක සභාව ඉටුකර ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කෙරුණේ විහාරස්ථ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාගේ සංකල්පයකට අනුවයි. “ශ්‍රී කල්‍යාණ් දුරුතු ධර්ම දේශනා දොළහ ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගනුවනු ලැබේ, විහාරස්ථ දායක සභාවේ සභාපතිවරයා විසින්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැළණිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ සුවදුක් විමසා, උත්සවයට එක්ව සිටි මහා සංඝරත්නය සමඟ සුහද පිළිසඳරක නිරත විය.
කොළඹ නව කෝරලයේ හා නව තොටමුණේ, උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාකඩුවේ ශ්‍රී ප්‍රේමරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
මාලඹේ ශ්‍රී විමලාරාම විහාරස්ථ පුදබිමේ ඉදිකළ 18 රියන් අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව සහිත ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය සහ බෞද්ධ මන්දිරය හා සංඝාවාසයට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය අද සිදු කෙරිණ. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රතිමා වහන්සේ නිරාවරණය කලේ, ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි විසින්. සමරු ඵලකය නිරාවරණය හා බුද්ධ ප්‍රතිමා වහන්සේට ප්‍රථම මල් පූජාව අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණ. මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.