කෝමාරිකා වගාවෙන් සාර්ථක අස්වැන්නක්

සැප් 13, 2020

    උතුරු මැද පළාතේ කෝමාරිකා වගාව ඉතා සාර්ථකව සිදු කෙරේ.

    අක්කර 3000ක පමණ මේ වනවිට කෝමාරිකා වගා කර ඇතැයි අප වාර්තාකරු පවසයි. ඉන් හොඳ අස්වැන්නක් සමඟ ආදායමක් උපයා ගැනීමට හැකි බව ගොවීන් පවසයි. ඉතා පහසුවෙන් වගා කළ හැකි වගාවක් වන කෝමාරිකාවලින් සුවඳ විලවුන් හා ඖෂධ වර්ග නිෂ්පාදනය කෙරේ. කෝමාරිකා වගා කෙරෙන්නේ, කාබනික පොහොර භාවිත කරමින්.

    පැළ සිටුවා මාස නවයක් වැනි කාලයක් තුළ අස්වැන්න නෙලා ගැනේ. අක්කරයක වගා භූමියකින් මාස 06කට වරක් රුපියල් ලක්‍ෂ දෙකක ආදායමක් උපයා ගත හැකි බව ගොවීන් පවසයි. අඩු ජල පරිමාවක් යටතේ වගාව කළ හැකිවීම විශේෂත්වයක්. පොල් වගා භූමියන්හි යටි වගාවක් ලෙස ද කෝමාරිකා වගා කළ හැක.

    Latest News