වන ජීවින්ගේ ආරක්‍ෂාට නව නීති ගෙන එනවා; අමාත්‍ය සී.බී.රත්නායක

සැප් 13, 2020

    වන ජීවින් ආරක්‍ෂා කරගැනීම සඳහා නව නීති ගෙන එන බව, අමාත්‍ය සී.බී.රත්නායක මහතා පවසයි.

    ඊට අදාළ පනත සති දෙකක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මස්කෙළිය, මාවුස්සාකැලේ සමන් දේවාලයේ ආශිර්වාද පූජාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “වනජීවි අමාත්‍යාංශය තුළ රසායනාගාරයක් ඉදිකරන්නත්, පශු වෛද්‍යවරුන්ව ශක්තිමත් කරමින්, ඔවුන්ට රෝග කාරක හඳුනා ගැනීමටත්, ඔවුන් ශල්‍ය වෛද්‍යවරුන් බවට ක්‍රියාත්මක කරන්නත් අලුත් නීති, අණපනත් ගේන්න සූදානම් වෙනවා. මන්දක් ඇටෙව්වොත් ඔහු හෝ ඇය වැරදිකරුවන් වුණොත් සිරදඬුවම් හා දඩ මුදල තුන් ගුණයකින් වැඩි කිරීමටත්, සතෙක් ඝාතනය කෙරුවොත්, ඒ ඝාතනය කරපු අයට දඩ මුදල ලක්‍ෂය දක්වා වැඩි කරන්නත්, ඒ වගේම වසරක සිරදඬුවම් ලබාදෙන්නත් නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Latest News