පරිසරයේ සුන්දරත්වය විඳිමින් ව්‍යායාම්වල නිරතවීමේ හැකියාව ජනතාවට

සැප් 23, 2020

    රටක සංවර්ධනය සිදුවිය යුත්තේ ජනතාවගේ මෙන්ම පරිසර ආරක්‍ෂාවට මුල් තැන ලබාදෙමින්.

    එසේ ඉදිවුණු සුන්දර ස්ථානයක් වන්නේ බොරලැස්ගමුව, බෙල්ලන්විල මංතීරු ව්‍යාපෘතියයි. පුද්ගලයෙකුගේ නිරෝගී බවට ව්‍යායාම්වලින් ලැබෙන්නේ මනා පිටිවහලක්. එහෙත්, මීට වසර ගණනාවකට පෙර ඒ සඳහා ප්‍රමිතියෙන් යුත් ස්ථාන තිබුණේ නැහැ. ඊට පිළිතුරක් ලෙස කොළඹ මෙන්ම පිට පළාත්වල ද ව්‍යායාම් සිදු කළ හැකි පරිදි මංතීරු ඉදි කෙරිණ.

    පරිසරයේ සුන්දරත්වය අත්විඳිමින් ව්‍යායාම්වල නිරතවීමේ හැකියාව ජනතාවට ලැබී තිබේ. වේරැස් ගඟ ව්‍යාපෘතියේ අනු ව්‍යාපෘතියක් ලෙස මෙම ඇවිදින මංතීරුව නිර්මාණය කර තිබේ. එහි දුර කිලෝ මිටර් 3ක්. මීට අමතරව කිලෝ මීටර තුනක පාපැදි මංතීරුවකින් ද මෙය සමන්විතයි. ඇවිදින සහ පාපැදි මංතීරු එකම ස්ථානයක ඇති ව්‍යාපෘතිය වන්නේ බොරලැස්ගමුව, බෙල්ලන්විල මංතීරු ව්‍යාපෘතියයි. මෙය ඉදි කෙරුණේ එවක ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි.මෙහි ප්‍රතිලාභ ජනතාව අත්විඳියි.

    Latest News