“මෙගා පවර්“ රු. කෝටි 23 සෙංකඩගලට

සැප් 24, 2020

    මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම මුදල් ත්‍යාගය වූ මෙගා පවර් ලොතරැයි පතෙන් පිරිනැමුණු රුපියල් කෝටි 23ක මුදල දිනා ගැනීමට ජයග්‍රාහකයෙකු හෝ ජයග්‍රාහිකාවක හෝ ඊයේ සමත්ව තිබේ.

    එම ටිකට් පත අලෙවි වී ඇත්තේ, සෙංකඩගල ප්‍රදේශයෙන්. ජාතික ලොතරැයි මණ්ඩලය, මෙගා පවර් ලොතරැයි ටිකට්පත හඳුන්වා දී තිබේ. එහි ත්‍යාග මුදල ආරම්භයේ සිට ක්‍රමයෙන් වර්ධනය වී, රුපියල් විසිතුන් කෝටි හැට දෙලක්‍ෂ විසිදහස් දෙසිය හැත්තෑ අටයි සත තිස් පහක් බවට පත්ව තිබිණ.

    එම මුදල ඊයේ දිනුම් අදිනු ලැබූ 621 වන දිනුම් වාරයේදී දිනා ගැනීමට අදාළ ජයග්‍රාහකයාට හැකිවී තිබේ.

    Latest News