රජයේ නිල පුවත් SMS සේවය යළි ජනගතවේ

සැප් 24, 2020

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් SMS කෙටි පුවත් සේවය යළි ජනගත කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරිණ.

    ඒ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනතාවට වඩාත් සමීප කරමින් විශ්වසනීය සහ වේගවත් පුවත් සේවයක් ලබාදීම කෙටි පුවත් සේවාවේ අරමුණයි. රජයේ නිල පුවත් වෙබ් අඩවිය වන www.news.lk සහ dgi.gov.lk වෙබ් අඩවියට සමගාමීව කෙටි පුවත් සේවය යළි සක්‍රීයව ආරම්භ කෙරිණ.

    දේශපාලන, ආර්ථික, සමාජීය මෙන්ම රජයේ සංවර්ධන තොරතුරු එසණින් ජනතාවට සන්නිවේදනය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම වැඩපිළිවෙළ තවදුරටත් වේගවත් කිරීමට සහ ජනතාවට වඩාත් පුළුල් සේවාවක් සැපයීමේ අරමුනින් රජයේ නිල පුවත් කෙටි පණිවුඩ සේවාව ජනගත කෙරිණ.

    Latest News