රත්‍රං තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට

සැප් 27, 2020

    රුපියල් ලක්‍ෂ 400ක වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.

    ඒ, පුත්තලම-දළුව ප්‍රදේශයේදී. පුත්තලම පොලිසිය විසින් ඊයේ රාත්‍රි කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු, මෙම රන් තොගය නීති විරෝධිව පුත්තලම කලපුව හරහා, ඉන්දියාවට රැගෙන යාමට සැලසුම් කළ බවට සැක කෙරේ. කිලෝ හතර හමාරක බරින් යුතු රන් කැබලි හා රන්ගුලි ඒ අතර වේ. සැකකරු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News