පෙර පාසල් හී විවිධ ප්‍රසංග වලට යළිත් අවසර

ඔක් 01, 2020

    කොරෝනා වසංගතය හමුවේ රට තුළ ඇති වී තිබූ තත්ත්වයත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය පෙර පාසල් විවිධ ප්‍රසංග තාවකාලිකව නවත්වා දැමීමට කටයුතු කළත් නැවතත් එම පෙර පාසල් විවිධ ප්‍රසංග සෞඛ්‍ය නීතිරීතිවලට අනුව පැවැත්වීමට ඊයේ (30) සිට තීරණය කර ඇති බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත පැවැසීය.

    සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි සහ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවත් මෙම තීරණය ගැනීමට මූලික හේතුව වූයේ කොරෝනා සමයේදී පූර්ව ළමා විය දරුවන්ගේ මානසික තත්ත්වයට ඉතාමත් පහළ මට්ටමකට වැටීම නිසා ඔවුන්ට නව ප්‍රබෝධයක් ලබාදීමට බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

    මෙම දරුවන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කරමින් දරුවන්ගේ කුසලතා හා දක්ෂතා එළිදැක්වීමට වර්ෂ අවසානයේ පැවැති පෙර පාසල් විවිධ ප්‍රසංග නැවත තාවකාලිකව නොපැවැත්වීමට තීරණය කළත් මෙම දරුවන්ගේ මානසික තෘප්තිමත්භාවය වෙනුවෙන් නැවත එම ප්‍රසංග පැවැත්වීමට කටයුතු කරන බව හෙතෙම පැවැසීය.

    හෙතෙම මේ පිළිබඳව පවසා සිටියේ බත්තරමුල්ල, කාන්තා හා ළමා කටයුතු සංවිධාන අමාත්‍යාංශයේ ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

    Latest News