මානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර

ඔක් 01, 2020

    මානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකසන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙම අදහස් පළ කරන ලද්දේ මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 17 වැනි වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

    ශ්‍රී ලංකා මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය 2003 වසරේ ආරම්භ කරන ලද අතර, විද්‍යාලයේ දැක්ම වන්නේ මානසික දියුණුව ප්‍රවර්ධනය කිරීම වන අතර, එහිදී සෞඛ්‍ය සහ ඒ ආශ්‍රිත විද්‍යාවන්, මානසික සෞඛ්‍යයට අදාළ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, වෛද්‍ය පුහුණුවට පහසුකම් සැපයීම, මනෝ චිකිත්සාව පිළිබඳ උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධිධාරීන් බවට විද්‍යායතනයේ වෛද්‍යවරුන් පත් කිරීම සිදු කරනු ලබයි.

    Latest News