වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

ඔක් 07, 2020

    වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

    කොවිඩ් -19 හේතුවෙන් රට තුළ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද ‍(07) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

    එම තීරණය අද දින සිට 2020.10.16 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

    මෙම කාලය තුළ ඉකුත් වන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී 2020.11.15 දින දක්වා දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවාය.

    Latest News