ගුවන් හමුදාවට ප්‍රථම වරට ගුවන් නියමුවරියන් 2ක් (වීඩියෝ)

නොවැ 16, 2020
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම වරට ගුවන් නියමුවරියන් දෙදෙනෙකු සාර්ථක පුහුණුවක් හමාර කරමින් අද සේවයට ඒක්වූවාය.

    ඔවුන්ට පියාසර නිල ලාංඡන පැළඳවීම සිදු කෙරුණේ, චීන වරායේ ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේදී.

    ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හා ගුවන් හමුදාපති ඒයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණ.

    ගුවන් හමුදා කෙඩෙට් නිලධාරින් හා නිලධාරිනියන් 53 දෙනෙකු මෙහිදී අධිකාරියට පත් කෙරුණු අතර, නියමුවරියන් දෙදෙනාට අමතරව තවත් පියාසර කෙඩෙට් නිලධාරීන් දස දෙනෙකුට පියාසර නිල ලාංඡන පැළඳවීම ද සිදු කෙරිණ.

    මෙම විසිරයාමේ උත්සවය කරුණු තුනක් මත විශේෂත්වයක් ගන්නා බව, ගුවන් හමුදාව පවසයි. ප්‍රථම වරට ගුවන් කාන්තාවන් නියමුවරියන් ලෙස ඒක්වීම කෙඩෙට් නිලධාරිනියක් සෑම අතින්ම දක්ෂතම නිලධාරියට හිමි රන් අසිපතින් ප්‍රථම වරට පිදුම් ලැබීම ඒ් අතරවේ. තවද ප්‍රථම වරට ජනාධිපති වර්ණ ධජ සමන්විත විසිරයාමේ පෙළපාලියක් සඳහා ගුවන් හමුදා නිලධාරිනියක් අණදීම ද විශේෂත්වයක්.

    රන් අසිපතින් පිදුම් ලැබූ නියමුවරිය අධ්‍යාපනය හැදෑරුවේ ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ. අනෙක් ගුවන් නියමුවරිය මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබේ. ඔවුන් ගුවන් හමුදා සැහැල්ලු බල ගණයට අනුයුක්තව නියමුවරියන් ලෙස ක්‍රියාකරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    Last modified on සදුදා, 16 නොවැම්බර් 2020 20:25

    Latest News