මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ජාවක්

නොවැ 16, 2020

    ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ජාවක් ඊයේ පැවැත්විණ.

    ඒ් මාතලේ සංචාරක ප්‍රවර්ධන සංකීර්ණ ශ්‍රවනාගාරයේදී.

    ග්‍රාමීය ආර්ථික නගා සිටුවීමේ ජාතික වැඩසටහන කොවිඩ්-19 වසංගතය හමුවේ රට අර්බුදයටයාම වළක්වා ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාදාමය අඛණ්ඩව පවත්වාගෙන යාමට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන්නක්.

    මේ සාකච්ජාව සංවිධාන කරන ලද්දේ, ඒම වැඩසටහනේ සමාජ යටිතල පහසුකම් ප්‍රවර්ධන කමිටුව විසින්.

    සියලුම කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ඒ්කාබද්ධව පිහිටුවාගත් නව යාන්ත්‍රණය මගින් සම්පත් සෘජුව බෙදීයාමේ වැඩපිළිවෙළක් සැකසීම සහ අයවැය මගින් ලබාදෙන මුදල් ගමේ සංවර්ධනයට සෘජුවම දායක කරගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබාගැනීමද, මෙමගින් සිදු කෙරේ.

    රුපියල් මිලියන 600ක වියදමින් ජාතික පාසල් 6ක් මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාපනයට නියමිතයි. ගුරු හිඟයට ද කඩිනමින් විසඳුම් ලබාදීමට අපේක්ෂිතයි. ගුරු පත්වීම් ලබාදීමේදී පාසල්වලට ආසන්නව පදිංචි ගුරුවරුන්ට ආසන්නම පාසල ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    දිස්ත්‍රික්කයේ අධි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම ලබන ජනවාරි මාසයේ සිදු කෙරේ. මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 තුළ පාසල් 55ක ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය තවත් ඉලක්කයක්. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඒක් ක්‍රීඩාංගණය බැගින් ස්ථාපනයට ද මීට ඇතුලත්.

    ඒළිමහන් කායවර්ධන මධ්‍යස්ථාන 30ක් ද ස්ථාපනය කෙරෙන අතර, මාතලේ හෙකී ක්‍රීඩාංගණය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමට ද සැලසුම් කර තිබේ.

    මාතලේ නගරයේ අංග සම්පූර්ණ ගිනිනිවන මධ්‍යස්ථානයක් ස්ථාපනය කෙරෙන්නේ රුපියල් මිලියන 300ක වියදමින්. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිසක් ඒක්වූහ.

    Latest News