අලුතින් ජනාධිපති නීතිඥයින් 25 ක්

ජන 18, 2019

    ජනාධිපති නීතිඥවරු 25 දෙනෙකු අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් දුන්නේය.

    ජනාධිපති විසින් පත් කරන ලද නීතිඥවරු විසිපස් දෙනා අද දිවුරුම් දෙනු ලැබුවේ අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය. උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන උත්සව ශාලාවේ පැවති මෙම දිවුරුම් දීමේ උත්සවයට අභියාචනාධිකරණය, මහාධිකරණය හා මහේස්ත්‍රාත් අධිකරණ නියෝජනය කරන විනිසුරුවරුන් එක්වුයේය.

    මෙම දිවුරුම්දීමේ උත්සවය සඳහා නීතිඥවරු විශාල පිරිසක් ද එක්ව සිටීම දක්නට ලැබිණ.

     

     

     

     

     

     

     

     

     

    Last modified on සිකුරාදා, 18 ජනවාරි 2019 14:33

    Latest News