මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි (වීඩියෝ)

ජන 18, 2019
  • විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී රාජකාරී අරඹයි.


    ඔහු අද උදේ නමයට පමණ කොළඹ 7 මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණ නිල වශයෙන් කාර්යාලීය රාජකාරි ආරම්භ කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත, පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් විපක්ෂ නායකවරයා පිළිගැනීමට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 18 ජනවාරි 2019 14:01

    Latest News