අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

නොවැ 22, 2020

    අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (22) සවස සිදු කෙරේ.

    ඒ් මහනුවර කුණ්ඩසාලේ බණ්ඩාරනායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. මහනාහිමියන්ගේ දේහය මැණික්හින්න, හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ. අපවත්වන විට 98 වැනි වියෙහි පසු වූ අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 වැනි මහානායක ස්වාමීන් වහන්සේයි. සර්ව ආගමික නායකයින්, ජනතා නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් අද දේහයට අවසන් ගෞරව දැක්වූහ.

    ආදාහන පූජෝත්සවය ආරම්භ කෙරෙන්නේ අද පස්වරු 2.00ටයි. ඒය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

    Last modified on ඉරිදා, 22 නොවැම්බර් 2020 13:46

    Latest News