කළුතර, මරික්කාරි වීදියට සංචරණ සීමා

දෙසැ 12, 2020

    කළුතර මරික්කාරි වීදීය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් හමුවීමත් සමග එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

    එළඹෙන උත්සව සමය වෙනුවෙන් නගරයට ඇදී එන පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පසු දින කීපය තුළ තුල කළුතර නගරය ආශ්‍රිත වෙළඳසැල්වල හිමිකරුවන් හා සේවකයින්ගේ PCR පරීක්ෂණ රැසක් සිදු කෙරිණ.

    එහි ප්‍රතිඵල අනුව අද දින වන විට කළුතර නගරයේ කඩසාප්පු 9 වසා දමා ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් පදිංචිවී සිටින කළුතර දකුණ මරික්කාර් වීදිය ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කෙරිණ.

    Latest News