වළගම්බා රජුගේ වස්තු සෙවූ 5ක් මාට්ටු (ඡායාරූප)

ජන 21, 2019

    ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට මීටර් 800ක් පමණ දුරින් දඹුලු රජමහා විහාරස්ථානයට අයත් ඉඩමක වළගම්බා රජුගේ වස්තුව සොයා කැණීම් කළ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අද අළුයම් කාලයේ මෙම වැටලීම සිදුකර ඇත. වගා ළිදක් කපන මුවාවෙන් විශාල ගල් වළක් හාරමින් මෙම පිරිස නිධන් සෙවීමේ නිරතව සිටි බව පොලිසිය කියයි.

    ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය කරවූ වළගම්බා රජුගේ වස්තුව මෙම ස්ථානයේ තැන්පත් කොට ඇතැයි සැකයෙන් කැණීම් සිදුකර තිබෙන බව පොලිසිය කියා සිටි. මෙසේ කැණීම් සිදුකරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල විහාර ප්‍රදේශයේ සහ දඹුල්ල අවට පදිංචි තරුණයන් පස් දෙනෙකුවේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ බැකෝ යන්ත්‍රය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නියමිත බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

    nidahan04

    nidahan01

    Latest News