අද සිට අලුතින් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා තත්වයට (වීඩියෝ)

දෙසැ 17, 2020
  • අද සිට අලුතින් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා තත්වයට පත්කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    වැල්ලවත්ත පොලිස් වසමේ නෆීර්වත්ත ප්‍රදේශය හුදෙකලා තත්වයට පත් කෙරුණේ අද සවස් කාලයේ සිටයි. අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශයේ අක්කරෙයිපත්තු 5, අක්කරෙයිපත්තු 14 සහ නගර බල ප්‍රදේහ 3 යන ස්ථාන අද උදේ 6 සිට හුදෙකලා කෙරිණ.

    අඩ්ඩාලච්චේනෙයි පොලිස් බල ප්‍රදේශවය් පලමුනෙයි 1, ඔලුවිල්2 සහ අඩ්ඩාලච්චේනයි 8 යන ප්‍රදේශය ද හුදෙකලා තත්වයට පත්කර තිබේ. අලයාඩිවෙම්බු පොලිස් බල ප්‍රදේශයේ අලයාඩිවෙම්බු අටෙන් එක, අලයාඩිවෙම්බු අටෙන් 3 සහ අලයාඩිවෙම්බු 9 යන ප්‍රදේශ ද අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශ අතරට අයත්. මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරි වසම ද මේ වනවිට හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ.

    සෞඛ්‍ය උපදෙස් නොසළකා හැර සිටි 32ක් අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සම්බන්ධව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 1,525ක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 දෙසැම්බර් 2020 22:03

    Latest News