සැක කටයුතු ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

දෙසැ 31, 2020

    නාවික හමුදාවේ අණ නොතකා පළායාමට උත්සහ කළ ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන ඇත.

    එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ධීවර වරාය ආශ්‍රිත මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවකට පරීක්ෂා කිරීමේ සංඥා නාවික හමුදා නිලධාරීන් විසින් නිකුත් කර ඇති අතර, එහෙත් අදාළ යාත්‍රාව ගොඩබිම දෙසට යාත්‍රා කර ඇති අතර පසුව නාවික හමුදාව එය සිය භාරයට ගෙන ඇත.

    එක් පුද්ගලයෙකු පළාගොස් ඇති අතර පළාගිය පුද්ගලයා සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබේ.

    අනතුරුව එම යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 3 දෙනෙක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 දෙසැම්බර් 2020 20:22

    Latest News