ඉන්දු ලංකා ධීවර ගැටළු විසදීමේ පළමු සාකච්ඡාව සාර්ථකයි

දෙසැ 31, 2020

    ශ්‍රී ලංකාව හා ඉන්දීය ධීවර කටයුතු පිළිබද ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ රැස්වීම ශ්‍රි ලංකාව හා ඉන්දීය ධීවර කටයුතු පිළිබද ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ රැස්වීම ඊයේ (30) අන්තර්ජාලය හරහා පවත්වන ලදි.

    මෙහිදී ශ්‍රි ලංකා දූතපිරිස මෙහෙයවන ලද්දේ ධීවර අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.අයි රත්නායක මහත්මිය විසිනි.

    ධීවර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා නාවික හමුදාවේ හා ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක බලකායේ ඉහළ මට්ටමේ නිළධාරීන් මෙම දූත පිරිසට අයත් විය.

    ඉන්දීය දුතපිරිසට නායකත්වය දුන්නේ ධීවර හා සත්ව පාලන හා කිරි නිශ්පාදන අමාත්‍යාංශයේ ධීවර දෙපාර්තමේන්තුවේ ලේකම් ආචාර්ය රජීව් හණ්ජන් මහතා විසිනි.

    ඉන්දීය දූත පිරිස ධීවර හා සත්ව පාලන හා කිරි නිශ්පාදන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යයේ ධීවර අමාත්‍යාංශය හා පාන්ඩිච්චේරි ප්‍රාන්ත රාජ්‍යය, ඉන්දියානු නාවික හමුදාව හා ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් ඇතුලත් විය.

    මන්නාරම් බොක්ක, පෝක් සමුද්‍ර සන්දිය ධීවර කටයුතු සම්බන්ධ ද්විපාර්ශවික කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී අවධානය යොමු කරන ලදි.

    ශ්‍රී ලංකා මුහුදු තීරය ඉන්දීය ධීවරයන් විසින් දඩයම් කිරීමේ ගැටළුව පිළිබදව වහාම අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධිවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබද වහාම අවධානය යොමු කිරීම අවශ්‍යතාවය පිළිබදව ශ්‍රී ලංකා දූතපිරිස සිය කණගාටුව ප්‍රකාශ කලහ.

    ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන දහස් සංඛාත ධීවරයින්ගේ ජීවනෝපාය අහිමි වීම සහ ඔවුන්ගේ ධීවර උපකරන වලට ඉන්දීය ධීවරයින් විසින් හිතාමතා සිදු වු හානිය පිළිබදව ශ්‍රී ලංකා දූතපිරිස දැඩි ලෙස මෙහදී කරුණු ඉදිරිපත් කරන ලදි.

    දෙරටේම අමාත්‍යාංශ මට්ටමින් මීට ඉහත පැවති සාකච්ඡාදී පවත්වන ලදි.

    මෙම තත්වය විසදීම සදහා දැඩි පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පාර්ශවය ඉන්දියානු පාර්ශවයෙන් ඉල්ලා සිටියේය.

    ගැඹුරු මුහුදේ මසුන් මැරීම ඇතුළු වෙනත් විකල්ප ජීවනෝපාය සදහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශ වල ධීවරයින් දිරිමත් කිරීම සදහා ඉන්දියානු මධ්‍යම රජය හා අදාල ප්‍රාන්ත රාජ්‍යයන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව සවිස්තරාත්මක විස්තරයක් ඉන්දීය නියෝජිත කණ්ඩායම විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදි.

    දෙරටේ නීතිය බලාත්මක කිරීම බලධාරීන් අතර ඒකාබද්ධ මුර සංචාර හා දුරකථන ඇමතුම් ක්‍රියාත්මක කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ඉල්ලා සිටි අතර එයට ඉන්දියානු නියෝජිත පිරිස එකග විය.

    Latest News