යුද හමුදා පුහුණු අභ්‍යාසයේ තෙවැනි දිනය අද

පෙබ 14, 2021

    යුද හමුදා හර්මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තෙවැනි දිනය අදයි.

    ඒය අද ආරම්භ කෙරුණේ නයාරු ප්‍රදේශයෙන්. අභ්‍යාසය දින 5ක් පැවැත්වේ. පුහුණු අභ්‍යාසය යාපනයේ මයිලඩි ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණේ, ඉකුත් 12 වැනි දිනයි. ඒක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ගාවෝ ප්‍රදේශයේ සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍ය සේවා ප්‍රවාහනය කරන වාහන රැලි සඳහා ආරක්ෂාව සැපයීමේ ප්‍රවාහන රාජකාරිවලට පිටත්ව යන භට පිරිස් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීම මෙහි අරමුණයි.

    යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පුහුණු අභ්‍යාසය සංවිධාන කරනු ලැබ ඇත්තේ තෙවැනි වරටයි.

    යාපනය සිට මින්නේරිය දක්වා කිලෝ මීටර 457ක දුරක් අභ්‍යාසයට ඇතුළත්. ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වය යටතේ සන්නාහ සන්නද්ධ බලකාය, ඉංජිනේරු රෙජිමේන්තුව, සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ඇතුලු අංශ රැසක් නියෝජනය වන පරිදි නිලධාරින් 20ක් සහ සෙසු නිලයන් 223ක් මීට ඒක්වූහ.

    Latest News